01. කොලොන්න. 01.අ. පිහිටීම, බුදුන් පහස ලද ශ්‍රී ලංකාවේ, සබරගමුව පලාතේ, සමන් දෙවි අඩවිය වන රත්නපුර දිස්ත්‍රීක්කයේ, ගිණිකොන දිග කෙලවරේ, වර්ග කිලෝමීටර් 204 ක ප්‍රමානයක් කොලොන්න ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාශයට අයත්ය. මෙහි බටහිර මායිමට ලෝක උරුමයක් වූ සිහරාජ වනාන්තරය පිහිටා ඇත. නැගෙනහිර මායිමට ඇඹිලිපිටිය කොට්ඨාශයද, දකුණ මායිමට දකුණ පලාතද පිහිටා ඇත. රත්නපුර නගරයේ සිට කිලෝමීටර් 106 ක් දුරින් පිහිටා ඇති ග්‍රාම නිළධාරී වසම් 29කින් සමන්විත ගම්මාන 144ක් කොලොන්න කොට්ඨාශය වේ. අබිමානවත් සිංහලයකු වූ මඩුවන්වෙල මහ දිශාවේ ජීවත් වූ මඩුවන්වෙල වලව්ව පිහිටා ත්බෙන්නේ කොලොන්න නම් මනරම් භූමියේය. ස්වභාදහමේ අමිල දායාදයක් වන වවුල්පන හුණුගල් ගුහාව කොලොන්න කොට්ඨාශට පමනක් නොව මුළු ලෝකයටම අමිල සම්පතකි. දිය ඇලි කිහිපයකින් සකස් වුන සුන්දර දූලි ඇල්ල මඩුවන්වෙල වලව්වේ පිවිසුමට විරුද්ද දෙසට කිලෝමීටර් 1යි කාලක් පමන දුරින් පිහිටා ඇත. අධිරාජ්‍ය සමයේ ඉංග්‍රීසි පාලකයන් "MORNING SIDE" ලෙස නම් කල හිමිදිරි පෙදෙස නුවරඑලියට අතිශයින්ම සමානය. ඕමල්පෙ ටැම්පිට විහාරය, කළුගල ශ්‍රී හේමගිරි පිරිවෙන්...
පිබිදෙන කොලොන්න.PIBIDENA KOLONNA
සබරගමුව පලාතේ, රත්නපුර දිස්ත්‍රීක්කයේ, ගිණිකොන දිසාවට, දකුණු පලාතට මායිම්ව සිංහරාජ වනාන්තරය පාමුල, මඩුවන්වෙල මහ දිසාවේ ජීවත් වූ මඩුවන්වෙල වලව්ව සහ වවුල්පන පිහිටා ඇති අපූර්ව භූ ගොලීය පිහිටීමක් සහිත දේශගුණය සෞම්‍ය ගුණයෙන් යුක්ත කොලොන්න ගැන ලියමි.