Skip to main content

හඳුනාගමු කොලොන්න

01. කොලොන්න.


01.අ. පිහිටීම,

    බුදුන් පහස ලද ශ්‍රී ලංකාවේ, සබරගමුව පලාතේ, සමන් දෙවි අඩවිය වන රත්නපුර දිස්ත්‍රීක්කයේ, ගිණිකොන දිග කෙලවරේ, වර්ග කිලෝමීටර් 204 ක ප්‍රමානයක් කොලොන්න ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාශයට අයත්ය. මෙහි බටහිර මායිමට  ලෝක උරුමයක් වූ සිහරාජ වනාන්තරය පිහිටා ඇත. නැගෙනහිර මායිමට ඇඹිලිපිටිය කොට්ඨාශයද, දකුණ මායිමට දකුණ පලාතද පිහිටා ඇත. රත්නපුර නගරයේ සිට කිලෝමීටර් 106 ක් දුරින් පිහිටා ඇති ග්‍රාම නිළධාරී වසම් 29කින් සමන්විත ගම්මාන 144ක් කොලොන්න කොට්ඨාශය වේ.
    අබිමානවත් සිංහලයකු වූ මඩුවන්වෙල මහ දිශාවේ ජීවත් වූ මඩුවන්වෙල වලව්ව පිහිටා ත්බෙන්නේ කොලොන්න නම් මනරම් භූමියේය. ස්වභාදහමේ අමිල දායාදයක් වන වවුල්පන හුණුගල් ගුහාව කොලොන්න කොට්ඨාශට පමනක් නොව මුළු ලෝකයටම අමිල සම්පතකි. දිය ඇලි කිහිපයකින් සකස් වුන සුන්දර දූලි ඇල්ල මඩුවන්වෙල වලව්වේ පිවිසුමට විරුද්ද දෙසට කිලෝමීටර් 1යි කාලක් පමන දුරින් පිහිටා ඇත. අධිරාජ්‍ය සමයේ ඉංග්‍රීසි පාලකයන් "MORNING SIDE" ලෙස නම් කල හිමිදිරි පෙදෙස නුවරඑලියට අතිශයින්ම සමානය. ඕමල්පෙ ටැම්පිට විහාරය, කළුගල ශ්‍රී හේමගිරි පිරිවෙන් විහාරස්ථානය, කෑල්ල රජමහා විහාරය, මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාමය කොට්ඨාශයේ සුවිශේෂී පූජනීය ස්ථානයන්ය.


















තෙත් සහ අන්තර් මධ්‍ය දේශගුණයක් සහිත මෙම කොට්ඨාශයෙන් මාතර ගාල්ල දිස්ත්‍රීක්ක හරහා විශාලව ගලා බසින ලංකාවේ ප්‍රධාන ගංඟා දෙකක් වන ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ආරම්භක දිය බෙත්ම පිහිටා ඇත. වෙලේවතු ගඟ, ඇරෑපෝරුව ගඟ, හුලංදා ඔය කොට්ඨාශයේ අනෙකුත් ප්‍රධාන ජල ගංඟාවන්ය. ඉත්තකන්ද, බුළුතොට, උල්ලිඳුවාව, යන ග්‍රාම නිළධාරී කොට්ඨාශයන් අධික ශීත දේශගුණයක් සහිතය. එවගේම වලකඩ, හබ්බෙලිආර, කැම්පනේ ආදී කොට්ඨාශ හම්බන්තොට වැනි ශුෂ්ක ‍දේශගුණයක් සිහිත කොට්ඨාශ වේ. ඒ අනුව එකම කොට්ඨාශයක් තුල විවිධ දේශගුණික තත්ත්වයන් කිහිපයක්ම අත් විඳිය හැකි මනරම් භූ ගෝලීය පිහිටීමක් ලෙස කොලොන්න හඳුනාගත හැක. බුළුතොට හෙල්වැටිය භූ ගෝලීය වශයෙන් කොට්ඨාශයේ සුන්දරත්වය දෙගුණ කරයි. එවගේම රතඹලා වැව, මඩුවන්වෙල වැව, වෑ කුඹුර වැව, කටු වැව කුඩා වැව් වුවද කුඹුරු අක්කර සිය ගනනකට ජලය ලබා දිය හැකි දියුණු වාරි කර්මාන්තයට නෑ කම් කියන වැව් පද්දතියකි. 
බුළුතොට, අලගල්කන්ද, දඩයම්කන්ද, උල්ලිඳුවාව යන කොට්ඨාශවල රතු පස දක්නට ලැබෙන අතර, පුපුලකැටිය,අඹගහ උල්පත, වලකඩ, ඌරාවල, කරගහයාය, යන ප්‍රදේශවල රතු දුඹුරු පස  දක්නට ලැබේ. ඒ වගේම ඛනිජ සම්පත් රාශියකින් මේ කොට්ඨාශය පොහොසත්ය. මැණික්, හුණුගල්, මිණිරන්, කළුගල්, කාර්මික මැටි ඒ අතර විශේෂය. තේ, කුරුඳු, ගම්මිරිස්  සාර්ථකව වගා කල හැකි කොට්ඨාශයක් ලෙස කොලොන්න කොට්ඨාශය හඳුනාගත හැක. 

01.ආ. ජනගහනය

කොට්ඨාශයේ ග්‍රාම නිළධාරී වසම් 29 සිටින සමස්ථ ජනගහනය 53548කි. එයින් 26631ක් කාන්තාවන් වන අතර 26917ක් පුරුෂයන් වේ. ජන වර්ගය අනුව බර්ගර් එක් ජාතිකයෙක්ද, මුස්ලිම් 4 දෙනෙක්ද, දෙමළ ජාතිකයින් 4773ක්ද, සිංහල ජාතිකයින් 48770ක් ද ලෙස බෙදී ගොස් ඇත. ඒ අනුව 92.71ක් වූ විශාලම ජන කොටස සිංහල වේ. ආගම අනුව බැලූ විට ඉස්ලාම් ආගමිකයන් 2ක්ද, කතෝලික ක්‍රිස්තියානි 276ක්ද, හින්දු භක්තිකයන් 4484ක්ද, බෞද්ධ ආගමිකයන් 48786ක්ද වේ. ඒ අනුව 92.74ක් වූ විසාලම ආගමික කණ්ඩායම බෞද්ධයන් වේ. පවුල් 15347 ක් කොලොන්න කොට්ඨාශයේ  තිබේ. එයින් සිංහප පවුල් 14230කි. ශ්‍රී ලංකා දෙමල පවුල් 792ක්ද, මුස්ලිම් පවුල් 1ක්ද, බර්ගර් පවුල් 1ක්ද, කතෝලික ක්‍රිස්තියානි පවුල් 2ක් ද වේ. ඒ අනුව සමස්ථ පවුල් ප්‍රමානයෙන් 92.72ක් සිංහල පවුල් වේ. ආගම අන්ව බෞද්ද පවුල් 14236ක් ද, හිංදු පවුල් 1025ක්ද, කතෝලික ක්‍රිස්තියානි පවුල් 85ක්ද, වෙනත් පවුලක්ද වශයෙන් බෙදී ගොස් ඇත.
ජන ගහනය වයස් කාණ්ඩය අනුව බැලූ කල 0-4 අතර දරුවන් 3905ක් වේ.5-19 අතර යැපෙමින් ඉගෙනගන්නා වයසේ පසුවන්නන් සංඛ්‍යාව12007කි.20-54ත් අතර පිරිස 27943කි. 55-වැඩි පිරිස 9693කි ඒ අනුව කොට්ඨාශයේ ප්‍රසස්ථ ශ්‍රම බලකායට අයත් ප්‍රති සතය 52.18කි. එය වැදගත් සාධකයක් වනු නොඅනුමානය.                     මතු සම්බන්දයි




Comments

  1. අපේ ගම ගැන මෙවැනි සවිස්තරාත්මක හෙලිදරව්වක් කිරීම ගොඩාක් වටිනවා.. ස්තුතියි ..

    ReplyDelete

Post a Comment